spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආබාධිත පුද්ගලයින් පිරිසක් හා සාමණේර භික්ෂුන් වහන්සේලා පිරිසක් සිරි පා කරුණා කරවයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අඳ , ගොළු , බිහිරි හා මන්ද මානසික රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයන් සහ සාමණේර භික්ෂුන් වහන්සේලා පිරිසක් කිසිදු මුදල් අය කිරීමකින් තොරව හයවෙනි වතාවටත් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කරවීමට හෝමාගම ප්‍රදේශයේ බාහිර ඉංග්‍රිසි පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් කටයුතු කර තිබෙනවා.

2023 ජනවාරි 01 දින අනුරාධපුර, කුරුණෑගල, මැල්සිරිපුර, ඇල්පිටිය, පිළියන්දල, පාදුක්ක සහ හෝමාගම යන ප්‍රදේශවලින් තෝරාගත් එම අබාධිත පිරිස සහ සාමණේර භික්ෂුන් පිරිස නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා රැගෙන යාමට පැය 12ක් සහ ආපසු නල්ලතන්නියට රැගෙන ඒමට පැය 12 ක කාලයක් ගත වු බවත්, එසේම ශ්‍රී පාදය කරුණා කළ සියළු දෙනාට අවශ්‍ය ආහාර පාන, ඖෂධ නොමිලේ ලබාදීමට පියවර ගත් බව මෙම ගුරුවරයා අප සමග පැවසුවා.

මෙම වන්දනා ගමනට සහභාගී වූ සියළු දෙනාට සුදු පැහැති කබායක් පළඳා, අතෙහි කහ පැහැති පටියක් ගැට ගසා ශ්‍රී පාදය කරුණා කළ බවත්, අබාධිත තත්ත්වයේ සිටින අය සිරිපා මළුව දක්වා රැගෙන යාමට අදාළ ගුරුවරයාගේ පන්තියේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සහයෝගය ද ලැබී තිබූ බව අප වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?