ආපදා සහන සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ

පසුගියදා ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද (05) දින විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත් ව ගොස් තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඉතා කෙටි කාලයක් තුළ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

ථේරවාදී බුදු දහම නැවත අප රටේ ස්ථාපිත කිරීමට දායකත්වය ලබාදුන් ලෝකයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරයට ආපදා සහන මානුෂීය සේවාවන්ට අමතරව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්, දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කරනු ලදුව එක්‍ රැස් කරනු ලැබූ වෛද්‍යාධාර ඇතුළු සහනාධාර තොගයක් ද, මෙම කණ්ඩායම සමඟ මියන්මාර රජය වෙත ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කිරීමට මූලිකත්වයෙන් කටයුතු කරනු ලැබූ අතර, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම විසින් ද, මෙම මහගු කර්තව්‍යය වෙත සිය සහයෝගය දක්වනු ලැබුවා.

මෙම මානුෂීය මෙහෙයුම් ඔස්සේ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, හදිසි ආපදා තත්ත්වයකදී අපගේ මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ කැපවීම මනාව පිළිඹිබු කරනවා.

WhatsApp Image 2025 04 05 at 15.52.34
WhatsApp Image 2025 04 05 at 15.52.35 1
WhatsApp Image 2025 04 05 at 15.52.36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27

?