ආපදා සහන සැලසීම් කඩිනම් කරන්න ජනපති ලේකම්ගෙන් උපදෙස්

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පෙරවරුවේ පැවැත්වුණා.

දිට්වා සුළිකුණාටුව නිසා විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය සඳහා වගකීම් දරන එක් එක් ආයතනවලට විවිධ කාර්යභාරයන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට විවිධ සැලසුම් ඇති බවත්, එම ආයතන මේ අවස්ථාවේ ඒකාබද්ධතාවයෙන් කටයුතු කිරීම තුළින් ආපදා කළමණාකරණ හා සහන සැලසීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා සඵලදායීව සිදු කිරීමට හැකියාව පවතින බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

සියලු ආයතන එක්ව එක් අරමුණක් වෙනුවෙන් එක් යාන්ත්‍රණයක් වශයෙන් කටයුතු කිරීමත් නිවැරදි තොරතුරු හුවමාරු කර ගැනීමත් තුළින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීමට හැකියාව පවතින බවත් සඳහන් කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ඒ සදහා නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කළා.

ආපදාවට ලක්වූ සහ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට සුදුසු ඉඩම් හඳුනාගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරීක්ෂාවෙන් පසු එම නිර්දේශ හා මාර්ගෝපදේශ අනුව කඩිනමින් නිවාස සාදා නිම කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටත් මෙහිදී තීරණය වුණා.

මේ වන විට ආපදාවට පත් ජනතාවට ගෙවනු ලබන වන්දි මුදල් හා වෙනත් දීමනා කඩිනමින් ගෙවා අවසන් කරන ලෙසටත්, දීමනා නොලැබූ ජනතාවගේ අභියාචනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසටත් ජනාධිපති ලේකම්වරයා විසින් නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවා.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොත්තා, නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් කුමුදුලාල් බෝගහවත්ත, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නාමල් ලියනගේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34