ඇති වූ ව්‍යවසන තත්ත්වය හමුවේ රට තුළ සන්නිවේදන කටයුතු අඩපණ වීම නිසා ජනතාවගේ මානව හිමිකම් කඩ වී ඇති බවට චෝදනා කරමින් නීතිඥයින් පිරිසක් සහ මානව හිමිකම් සංවිධාන කිහිපයක සමාජිකයින් පිරිසක් පැමිණ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී අදහස් දක්වමින් නීතිඥය සුසන්ත ගුණසේකර පවසා සිටියේ මෙලෙස ව්‍යවසන තත්ත්වය යටතේ සන්නිවේදනය බිඳ වැටිම නිසා මිනිස්වි ජීවිත ගණනාවක් අහිමි වූ බවයි.
පැවති තත්වයත් සමඟ විදුලි බලය ඇනහිටි සැණින් සන්නිවේදනය පහසුකම් බිඳ වැටීම නිසා මජනතාවගේ තොරතුරු සහ තොරතුරු සොයා බැලීමේ අයිතිවාසිකම උල්ලංඝනය වූ බව නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ඒ අනුව තොරතුරු දැන ගැනීමේ පනත මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි සහ 16 වැනි වගන්තීන්ට යටත්ව, අදාළ සන්නිවේදන සමාගම්වලින් පාරිභෝගිකයින්ගෙන් පෙර ගෙවුම් අය කිරීම් ලබා ගෙන තිබීයදීත් සේවා සැපයීමට නොහැකි වීම නිසා විශාල වශයෙන් ජීවිත හානි සිදු වූ බවත්, මේ සම්බන්ධයෙන් අධිකරණ පද්ධතිය හරහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.





