AFC Banner
Empty Ad
Empty Ad

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් නඩුවේ වෛද්‍ය කපිලගෙ ඇප ඉල්ලීම කල් යයි

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (10) නියෝග කළා.

මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබුණා.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ එම තීරණය ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා වෛද්‍ය කපිල වික්‍රනායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?