ආනයන සීමා ලිහිල් කරනවා නම් ගැඹුරින් සොයාබලා සිදුකළ යුතුයි – රංජිත් සියඹලාපිටිය

ආනයන සීමා ලිහිල් කිරීම සිදුකරන්නේ නම් එය ගැඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

අද (11) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර , පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ වල හා සේවාවල මිල ගණන් ඉදිරියේ දී ක්‍රමයෙන් පහළ යා යුතු බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

අපනයනය සඳහා රුපියල් ශක්තිමත්වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළ ද, එය තාවකාලික තත්ත්වයක් බව ද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසුවා.

අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම්වල මිල ගණන් ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ් - මූණත් වහගෙන නිල්පාට බස් එකෙන් ගිය හැටි
00:48
Video thumbnail
හිටපු පොලිස්පතිගේ එළොව යෑම ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - CD වික්‍රමරත්න ප්‍රබල සාක්ෂියක් දුන්නා
09:16
Video thumbnail
BREAKING "මේකට ආණ්ඩුව වගකීම ගන්න ඕනේ" - හිටපු පොලිස්පතිගේ මරණය ගැන විශේෂ අනාවරණයක්
01:14
Video thumbnail
හිටපු පොලිස්පති ගැන ප්‍රබල හෙළිදරව්වක් - හිටපු පාලකයෝ එක්ක සමීප සම්බන්ධකම් තිබුණා ?
03:42
Video thumbnail
මේ රටේ අපි තමයි ඊළඟ විකල්පය..අපි විපක්ෂයේ ඉන්න කැමති නෑ අපිට ඕන ඊළඟට රටේ බලය ගන්න
05:10
Video thumbnail
ඉල්ලා අස් වෙන්නේ නැත්තම් අස් කරන්න - කිසිවක් නොකර නිදා ගැනීම ගැන ඇමති වග කියන්න ඕනි
06:14
Video thumbnail
කවුරුත් නොදන්න හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ කතාව මෙන්න
03:14
Video thumbnail
මැදපෙරදිග යුද්දය නිසා ඉන්ධන මිල ඉහළ යයිද ? යුද්දයට කළින් තිබ්බ මිලට එන්නේ නෑ
03:50
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46