ආනයන සීමා ලිහිල් කරනවා නම් ගැඹුරින් සොයාබලා සිදුකළ යුතුයි – රංජිත් සියඹලාපිටිය

ආනයන සීමා ලිහිල් කිරීම සිදුකරන්නේ නම් එය ගැඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

අද (11) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර , පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ වල හා සේවාවල මිල ගණන් ඉදිරියේ දී ක්‍රමයෙන් පහළ යා යුතු බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

අපනයනය සඳහා රුපියල් ශක්තිමත්වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළ ද, එය තාවකාලික තත්ත්වයක් බව ද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසුවා.

අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම්වල මිල ගණන් ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?