ආනයනික කිරිපිටි මිල ඉහළට – වෙළෙඳ ඇමතිවත් නොදන්න මිල නැගීම (වීඩියෝ)

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබෙනවා.

ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය මේ බව අද (10) නිවේදනය කර සිටියා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ යනු ඇති.

මේ අතර ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික පෙරමුණ දැඩි දෝෂාරෝපණයක් වත්මන් රජයට එල්ල කරනවා.

එම පෙරමුණේ සභාපති අසේල සම්පත් පෙන්වාදෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට සියයට 30ක තරම් අනිත් රටවලට සාපේක්ෂව අඩු තීරුබදු නිවේදනය කරන ලද මොහොතකත් රටේ වෙළෙඳ අමාත්‍යවරයා හා පාරිභෝගික අධිකාරිය හෝ දැනුවත් නොවී මෙලෙස කිරිපිටි මිල වැඩි වී ඇති බවයි.

එය හෙට උපදින බිළිඳාටත් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ටත් දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරන බවත් අසේල සම්පත් පෙන්වා දෙනවා.

කිරිපිටි මිල අඩු කිරීමට සමාගම්වලට තඩි නොබා කිරිපිටි සඳහා පනවන බදු ගාස්තු අඩු කිරීමක් සිදු කරන්නේ නම් කිරිපිටි මිලට යම් සහනයක් ලැබිය හැකි බවයි හෙතෙම වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

මේ අතර කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල ද සංශෝධනය වී තිබෙනවා.

සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ, කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ යනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
12
+1
1
+1
2
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?