ආධුනික කොස්තාපල් ඕ.අයි.සීටත් තගක් දාලා පොලිසියෙන් පැන ගිහින්

ගොතටුව පොලිස්‌ ස්ථානයට අනියුක්තව රාජකාරී කළ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝවක් නරඹමින් රාජකාරියේ යෙදීම සම්බන්ධයෙන්, ස්ථානාධිපතිවරයා කරුණු විමසා අවවාද කළ අවස්ථාවේ ඔහු ස්ථානාධිපතිවරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදී රාජකාරී පැහැරහැර පොලිස් ස්ථානයෙන් පිටව යාමේ පුවතක් වාර්තා වනවා.

අදාළ ආධුනික පොලිස් කොස්තාපල්වරයා පොලිස්‌ ස්ථානයේ තනිකඩ භට නිවෙසට ගොස් පොලිස් නිල ඇඳුම් ගලවා දමා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී නිල ඇඳුම් සහ පොලිස් නිල හැදුනුම්පත ද රැගෙන මෙලෙස පළාගොස් තිබෙනවා.

මෙම කොස්තාපල්වරයා තඹුත්තේගම ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සිට මීට දින තුනකට පමණ පෙර ගොතටුව පොලිස්‌ ස්ථානය වෙත මාරුවක් ලබා පැමිණ ඇති අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

පෙරේදා (19) දිනයේ ගොතටුව පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු ලෙස මෙම ආධුනික කොස්තාපල්වරයා රාජකාරියේ නිරතව සිට ඇති අතර, ඔහු ඒ අතරවාරයේ සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ නරඹමින් සිට තිබෙනවා.

මොහුගේ එම ක්‍රියාව රාජකාරියේ යෙදී සිටි අනෙකුත් නිලධාරීන්ට බාධාවක් වීම හේතුවෙන් මේ පිළිබඳව පොලිස් සැරයන්වරියක් ස්ථානාධිපතිවරයාව දැනුම්වත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව ස්ථානාධිපතිවරයා අදාළ කොස්තාපල්වරයා එහි කැඳවා අවවාද කිරීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාව් කෝපයට පත් එම කොස්තාපල්වරයා ස්ථානාධිපතිවරයාට ද පරුෂ වචනයෙන් බැන රාජකාරිය ද පැහැර හරිමින් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ගොතටුව සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමටයි මේ වනවිට කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අපේ රටේ පණ්ඩිතයෝ ඉන්නවා ඒදණ්ඩ දැක්ක ගමන් දණිස් දෙක පිං පොන් ගානවා..අඹරන මැෂින් 5න් 2ක් කොට උඩ
06:02
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රී ඩ්‍රයිවින් ගැන ගැම්මට කිව්ව කතාව.."මමත් හොඳ ඩ්‍රයිවර් කෙනෙක්"
01:47
Video thumbnail
අර මල්කාන්ති මට හැමදාම කතා කරනවා..ඒ වැටලීම කරන්න..වටගල කිව්ව සැර කතාව
05:16
Video thumbnail
Highway එකේදි තෙල් නැතුව නැවතුණ තෙල් බවුසරයට.."මේකෙන් මිනිස්සු අසරණ වෙනවා"
03:00
Video thumbnail
නිසල සිරුරත් සමඟම ඉන්ධනහලට ආ මල්ශාලා රථය.."තෙල් නැතුව නතර වුණා මහත්තයා"
00:41
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න
01:37
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31