ආධාරකරුවන් ඉදිරියේ ශුද්ධ වූ ගංඟාවේ වතුර බිව්ව මහ ඇමති රෝහලේ (ඡායාරූප)

ඉන්දියාවේ සුල්තාන්පූර් ලෝදි හි ශුද්ධ වූ ගංඟාවක්වන ‘කාලි බෙයින්’ ගංඟාවෙන් වතුර වීදුරුවක් පානය කළ එරට පන්ජාබ් ප්‍රාන්ත මහ ඇමති භගවන්ත් මන් රෝහල් ගතකර තිබෙනවා.

දරුණු උදරාබාධයක් වැළඳී ඔහු මෙලෙස රෝහල් ගතකර ඇති අතර මේ වනවිට මහ ඇමතිවරයා දිල්ලි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම ගංඟාවේ ජලය පිරිසිදු බවට මහජනතාවට තහවුරු කිරීම සඳහා ආධාරකරුවන් ඉදිරියේ ඔහු ඉන් වතුර වීදුරුවක් ගෙන මෙලෙස පානය කර ඇති බවයි.

ඉන් දින දෙකකට පසු ඔහුට දරුණු උදරාබාධයක් වැළඳී ඇති අතර අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අදාල ගංඟාවේ ජලය දැඩි ලෙස අපිරිසිදු මට්ටමක පවතින බවයි.

medium
Indian minister 48 drinks dirty water from river 636x280 1
river water
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?