ආදුරුප්පු වීදියේ වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි (වීඩියෝ)

කොළඹ – ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිදු වූවක් බව අනාවරණ වී තිබෙනවා.

කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති මෙම වෙඩි තැබීම සඳහා රුපියල් ලක්ෂ 4ක මුදලක්ද ලබ දී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබු 26 හැවිරිදි තරුණයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තරුණයෙකුට වෙඩි තබා තිබුණේ ඊයේ (24) රාත්‍රියේ යි.

වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් පළායාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් එක්ව එක් අයෙකු අල්ලා පොලිසියට භාරදුන්නා.

ඊයේ රාත්‍රී 8.40 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තරුණයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි ජෝජ්රාජ් ධනුස්රාජ් නම් තරුණයෙක්.

වෙඩිතැබීම සඳහා පැමිණි පුද්ගලයන් වෙඩි තබා පළායාමට සැරසෙන අයුරු අසල තිබු CCTV කැමරාවක ද සටහන්ව තිබුනා.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ යතුරු පැදිය පණගැන්වීමට නොහැකිවීමත් සමග එය මහමග දමා පළායාමටයි වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින් කටයුතු කර තිබුනේ.

මෙලෙස සැකකරුවන්ගේ පලායාමේ උත්සාහය ව්‍යර්ථ වෙද්දී ප්‍රදේශවාසීන් එක්ව වෙඩිතැබීමට පැමිණි එක් අයෙකු අල්ලා ගැනීමට සමත්වුණා.

ඔවුන් පැමිණි ඩබ්ලිව්.පී. එම්.ඒෆ්. 4792 දරන අංකය සහිත යතුරු පැදිය ද වෙරළබඩ පොලිසියේ නිලධාරීන්ගේ භාරයට ගෙන අල්ලාගත් සැකකරුද සමග ආදුරුප්පුවීදිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

සැකකරුවන් වෙඩිතැබීමට භාවිතා කල පිස්තෝලය ද සොයාගෙන ඇති අතර වෙඩි තැබීමට පැමිණි අනෙක් සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?