දෙසැම්බර් මස 24 වැනි දින අභාවප්‍රාප්ත වූ මෙරට ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා වෙනුවෙන් අවසන් ගෞරව පිදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණියා.
අද (27) පෙරවරුවේ ජනාධිපතිවරයා ප්‍රියා සූරියසේන මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල
රෙක්ස්පෙක්ට් ජයරත්න මල් ශාලාව වෙත පැමිණි බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
80 වැනි විය පසුකරමින් සිටි මෙම කෘතහස්ත ගායන ශිල්පියා දිගු කලක් අසනීප තත්ත්වයෙන් සිටි අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.
සුදු පරෙවි රෑන සේ, රටකින් එහා ඉගිලී, ආදරණීය නේරංජනා, ළිහිණින් රෑන පියා සලන්නේ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ගායනය කළ සම්මානිත ගායන ශිල්පියෙක්.
ඉමහත් රසික ජනාදරයට පාත්‍ර වූ ප්‍රියා සූරියසේන මහතා සංගීත ගුරුවරයෙකු ලෙස ද කැලණිය විශ්වවිද්‍යාලයේ කලක් කටයුතු කර තිබුණා.
ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරු 03ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙනු ඇති.
ඒ මහතාට අවසන් ගෞරව දැක්වීමට පක්ෂ – විපක්ෂ මැති ඇමතිවරුන් සේ ම කලා තරු රැසක් සහ මහජනතාව ද පැමිණියා.