ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ආරවුලක් දුරදිග යයි මන්ත්‍රී රාජපක්ෂ රෝහලේ

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් අතර ඊයේ (03) පැවති රැස්වීමක් අතර තුර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මෙහිදී ඇති වූ ආරවුලක් හේතුවෙන් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මන්ත්‍රීවරයා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

මහනුවර දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් තවත් මන්ත්‍රීවරයෙක් මැදිහත්ව එම සමථයකට පත්කර ඇති අතර, රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මත දී මන්ත්‍රීවරුන් දෙදෙනා අතර යළිත් වරක් බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇද වැටී මෙලෙස රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළේ තමාගේ හැසිරීම් සියල්ල සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී ඇති බැවින් පහරදීමක් සිදුව ඇත්නම් එම දර්ශනවලින් හොඳින්ම ඔප්පු කර ගැනීමට හැකියාව ඇති බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
28
+1
2
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34