ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයාට පත්වීම් ලිපිය පිරිනමයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පසුගියදා නම් කළා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මෙම නියෝජිතයා නම්කරනු ලැබුවා.

මෙම නම් කිරීමට අදාළ පත්වීම් ලිපිය සාගර කාරියවසම් මන්ත්‍රීවරයා වෙත පිළිගැන්වීම අද සිදු කෙරුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මන්ත්‍රීවරයා වෙත පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ දී අදාළ පත්වීම් ලිපිය පිළිගන්වනු ලැබුවා.