ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට පැමිණෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙන් ඇය සමඟ දූත පිරිසක් ද දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

දිවයිනට පැමිණි ආචාර්ය ගීතා ගෝපිනාත් සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය ගීතා ගෝපිනාත් සඳහන් කර තිබුණේ,

“ඉදිරි සතියේ ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව යන රටවල සංචාර ආරම්භ කිරීමට මම කොළඹට පැමිණියා. කලාපයේ ආර්ථික අභියෝග සහ අවස්ථාවන් සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන්, සිවිල් සමාජය සහ ව්‍යාපාරික නායකයින් හමුවීමට බලාපොරොත්තු වෙමි.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?