ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට පැමිණෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙන් ඇය සමඟ දූත පිරිසක් ද දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

දිවයිනට පැමිණි ආචාර්ය ගීතා ගෝපිනාත් සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය ගීතා ගෝපිනාත් සඳහන් කර තිබුණේ,

“ඉදිරි සතියේ ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව යන රටවල සංචාර ආරම්භ කිරීමට මම කොළඹට පැමිණියා. කලාපයේ ආර්ථික අභියෝග සහ අවස්ථාවන් සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන්, සිවිල් සමාජය සහ ව්‍යාපාරික නායකයින් හමුවීමට බලාපොරොත්තු වෙමි.” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52