ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවකට ළඟා වෙන්න බැහැ – ජනපති

ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව අද වන විට අපට අත්හළ නොහැකි වගකීම වන්නේ මේ වන විට සමාජය තුළින් වියැකී යන සාරධර්ම සහ හර පද්ධතින් යළි කැඳවාගෙන ඒම බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු සංදර්භයන් තුළට ශිෂ්ටත්වය කැඳවාගෙන ඒමේ අරගලයක ජනාධිපතිවරයා ඇතුළු පිරිස මේ වන විටත් නිරතව සිටින බවත් ජනාධිපතිවරයාගේ පොසොන් දින පණිවිඩයේ සඳහන්.

බුදු දහමත් සමග මෙරටට ලැබුණු අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින්, රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික නව ආකල්ප සහිත නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු’යි සියලු දෙනාට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පොසොන් දින පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted