ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීමට බාධාවක් නැහැ – අමාත්‍ය විජිත හේරත් (වීඩියෝ)

මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් ඊයේ (23) වන දා අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණා.

මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලු තවදුරටත් අධ්‍යයනය කර විසඳා ගැනීමේ අරමුණින් පැවෙත්වෙන සාකච්ඡා මාලාවේ ඊයේ (23) පැවැති සාකච්ඡාවට රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානයක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂෙරීෆ් ද සහභාගී වී සිටියා.

රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම හිස, කකුල් වෙසෙන පරිදි මුස්ලිම් ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීම පිළිබදව දීර්ඝ කාලීනව ගැටලුවට මුහුණ පා ඇතැයි සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් මුස්ලිම් කාන්තාවන් සෞඛ්‍ය සේවයට පිවිසීම අවම වී ඇති බවත් සැලකිය යුතු පිරිසක් හෙද වෘත්තිය අතහැර දැමීමට හෝ හෙද අධ්‍යාපනය අවසන් කළ ද හෙද වෘත්තියට පිවිසීමට මැලිකමක් දැක්වීමට පෙළඹී ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්නා.

සිවිල් සංවිධාන නියෝජිතයින් පෙන්වා දුන් ගැටලුව දීර්ඝව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ හෙදියන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් දැනට පවතින නීති රාමුව තුළ තම ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීමට බාධාවක් නැති බවයි. එබැවින් හෙද වෘත්තියට පිවිසීමට තම ආගම හෝ සංස්කෘතිය බාධාවක් කර නොගන්නා ලෙස ද අමාත්‍යතුමා අවධාරණය කළා.

මුස්ලිම් මරණ සඳහා අවසන් කටයුතු සිදු කිරීම ඉතා කෙටි කාලයක් තුළ සිදු කිරීම සම්ප්‍රදාය වුවත් කොවිඩ් වසංගත සමයේ හඳුන්වා දෙනු ලැබූ විවිධ සහතික ලබා ගැනීමේ දීර්ඝ ක්‍රියාවලිය තවමත් ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වන බැවින් මියගිය මුස්ලිම් පුද්ගලයන්ගේ සිසුරු සඳහා අවසන් කටයුතු සිදු කිරීම ප්‍රමාද වන බව ද සිවිල් සංවිධාන නියෝජිතයන් පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ දැනටමත් මරණ සම්බන්ධයෙන් කොවිඩ් සමයේ ක්‍රියාත්මක කළ සියලු චක්‍රලේක අහෝසි කරමින් චක්‍රලේකයක් නිකුත් වී ඇති බැවින් කොවිඩ් සමයට පෙර තිබූ අයුරින් ක්‍රියා කිරීමට අදාළ නිලදාරීන් දැනුවත් කර ඇති බවත් ය. කිසියම් ප්‍රදේශයක තවමත් කොවිඩ් සමයේ පැවැති ක්‍රමයට ක්‍රියාත්මක වන්නේ නම් අදාළ චක්‍රලේකය ඉදිරිපත් කර ප්‍රමාදය වලක්වාගැනීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියා.

මෙම සාකච්ඡාව සඳහා මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් නියෝජනය කරමින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඇතුළු සංවිධාන 15ක නියෝජිතයින් 30ක් පමණ එක්ව සිටියා.

  1. මුස්ලිම් නිතීය රටේ නිතීය වීමට මේක අරාබිය නොවේ. මේ 1977 jr- හමිඩ් රජය හරහා රට අන්තවාදී ත්‍රස්තවාදී මුස්ලිම්කරණයට කල ඉරාන පලස්තීන ඉස්ලාමීය ත්‍රස්තවාදයේ වැඩ පිළිවෙලයි. ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය මිලදී ගෙන ඇත. මෙසේ මෙම කුමන්ත්‍රණයට ඉඩ නොදීමට සිංහල හා දමිල ජනතාව එක්සත්ව ඊශ්‍රායලය ඇමරිකානු හා ඉන්දීය සහාය සහිතව මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ට ලංකාව පාවා දීමේ කුමන්ත්‍රණය පරාජය කල යුතුය.

  2. fbrpc://facebook/nativethirdparty?app_id=87741124305&tap_behavior=web_always&target_url=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3D19kNVDBzWL4%26fbclid%3DIwZXh0bgNhZW0CMTEAAR40MtvCAWv0bXwixKhvKakHWX-UdCRn43fyfsBOQzmGzbJKSc2aNOnvxbBISg_aem_qqHJuMVxhOVVltOMcBjTtg&extra_applink_key=al_applink_data&referer_data_key=extras&al_applink_data=%7B%22target_url%22%3A%22https%3A%5C%2F%5C%2Fwww.youtube.com%5C%2Fwatch%3Fv%3D19kNVDBzWL4%26fbclid%3DIwZXh0bgNhZW0CMTEAAR40MtvCAWv0bXwixKhvKakHWX-UdCRn43fyfsBOQzmGzbJKSc2aNOnvxbBISg_aem_qqHJuMVxhOVVltOMcBjTtg%22%2C%22extras%22%3A%7B%22fb_app_id%22%3A87741124305%7D%2C%22referer_app_link%22%3A%7B%22url%22%3A%22fb%3A%5C%2F%5C%2F%5C%2F%22%2C%22app_name%22%3A%22Facebook%22%2C%22package%22%3A%22com.facebook.katana%22%7D%7D&appsite_data=%7B%22android%22%3A%5B%7B%22is_app_link%22%3Atrue%2C%22app_name%22%3A%22YouTube%22%2C%22appsite_url%22%3A%22vnd.youtube%3A%5C%2F%5C%2Fwww.youtube.com%5C%2Fwatch%3Fv%3D19kNVDBzWL4%26feature%3Dapplinks%22%2C%22fallback_url%22%3A%22https%3A%5C%2F%5C%2Fwww.youtube.com%5C%2Fwatch%3Fv%3D19kNVDBzWL4%26fbclid%3DIwZXh0bgNhZW0CMTEAAR40MtvCAWv0bXwixKhvKakHWX-UdCRn43fyfsBOQzmGzbJKSc2aNOnvxbBISg_aem_qqHJuMVxhOVVltOMcBjTtg%22%2C%22market_uri%22%3A%22market%3A%5C%2F%5C%2Fdetails%3Fid%3Dcom.google.android.youtube%26referrer%3Dutm_source%5Cu00253Dapps.facebook.com%5Cu002526utm_campaign%5Cu00253Dfb4a%5Cu002526utm_content%5Cu00253D%5Cu0025257B%5Cu00252522app%5Cu00252522%5Cu0025253A87741124305%5Cu0025252C%5Cu00252522t%5Cu00252522%5Cu0025253A1761315425%5Cu0025252C%5Cu00252522source%5Cu00252522%5Cu0025253Anull%5Cu0025257D%26app_id%3D87741124305%26is_vt_odir_eligible%3D0%22%2C%22package%22%3A%22com.google.android.youtube%22%7D%5D%7D&has_app_link=1