ආකර්ශනීයම ඔලිම්පික් නිල ඇඳුම් අතර ශ්‍රී ලංකාවට තුන්වන තැන – පළමු තැන මොන්ගෝලියාවට

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලට එක් වූ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඳ සිටි නිල ඇඳුම්වලින් වඩාත්ම ආකර්ශනීය නිල ඇඳුම් අතර තුන්වන ස්ථානය ශ්‍රී ලංකා නිල ඇඳුමට හිමිව තිබෙනවා.

ජනප්‍රිය ක්‍රීඩා සඟරාවක් වන සපෝර්ට් ඉලස්ට්‍රේටඩ් විසින් මෙම තෝරාගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

සපෝර්ට් ඉලස්ට්‍රේටඩ් සඟරාවට විසින් මෙවර ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වූ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැළඳ සිටි නිල ඇඳුම් අතරින් නිල ඇඳුම් 11ක් මෙලෙස හොඳම නිල ඇඳුම් අතරට තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව එහි පළමුවැන්න මොංගෝලියානු ඔලිම්පික් කණ්ඩායම පැළඳ සිටි නිල ඇඳුමට හිමිව තිබෙනවා.

මෙම ඇඳුම තුළ මොන්ගෝලියානු සංස්කෘතියේ ගැඹුරින් මුල් බැසගත් සංකේත ඇතුළත් වන බවයි සපෝර්ට් ඉලස්ට්‍රේටඩ් සඟරාව දන්වා සිටියේ.

මෙවර ඔලිම්පික් සමාරම්භක උළෙලේ වඩාත්ම ආකර්ශනිය නිල ඇඳුම් අතර, දෙවන ස්ථානය හිමිව ඇත්තේ මෙක්සිකානු ඔලිම්පික් කණ්ඩායමේ නිල ඇඳුමටයි.

මෙම නිල ඇඳුමේ ජැකට්ටුවේ ඉහළ අතේ ඇති මෝස්තරය එරට වඩාත්ම කැපී පෙනෙන නගර කිහිපය ආභාෂය ලබා ඇති අතර, කළු ටී-ෂර්ටය මඟින් මෙක්සිකෝවේ නිදහස් සංග්‍රාමයේ ශත සංවත්සරය අනුස්මරණය කරනවා.

මේ අතර සපෝර්ට් ඉලස්ට්‍රේටඩ් සඟරාව තෝරාගෙන ඇති 2024 ඔලිම්පික් නිල ඇඳුම් අතර, ශ්‍රී ලංකා නිල ඇඳුමට තුන්වන ස්ථානය හිමිව තිබීම විශේෂත්යක්.

19 වැනි සියවසේ ශ්‍රී ලංකා රාජකීය ආභාශය මෙම නිල ඇඳුමට එක්කර ඇති බවයි එම සඟරාව පවසන්නේ.

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ වඩාත්ම ආකර්ශනීය නිල ඇඳුම් අතර, සිව්වන සහ පස්වන ස්ථාන පිළිවෙලින් කැනඩා ඔලිම්පික් කාණ්ඩායමේ නිල ඇඳුමට සහ අයර්ලන්ත කණ්ඩායමේ ඔලිම්පික් නිල ඇඳුමට හිමිව තිබෙනවා.

1
2
3
4
5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
52
+1
1
+1
13
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34