අහුංගල්ල ප්රදේශයේ ඊයේ සිදුවු වෙඩි වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි ප්රහාරයකින් මිය ගොස් ඇත.
ඊයේ (12) දහවල් කොළඹ – ගාල්ල ප්රධාන මාර්ගයේ අහුංගල්ල ප්රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු රෝහල් ගත කළා.
අද (13) මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය සොයාගැනීමට රැගෙන ගිය මොහොතේ සැකකරු එස්ටිඑෆ් නිලධාරීන් දෙසට වෙඩිතබා තිබෙනවා. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් එල්ල කර වෙඩි ප්රහාරයෙන් සැකකරු මියගොස් තිබේ.
පෙර පුවත- අහුංගල්ලේ තවත් වෙඩි තැබීමක්
