අහයපත් කාලගුණයෙන් 54,436කට පීඩා

දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පුද්ගලයින් 54,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ අධික වර්ෂාව, තද සුළං, ජල ගැලීම් සහ නාය යාම් හේතුවෙන් පවුල් 13,351ක පුද්ගලයින් 54,436 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

ප්‍රධාන වශයෙන් ගංවතුරින් පුද්ගලයන් 41,022ක් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කය දරුණුතම බලපෑමට ලක්වූ ප්‍රදේශය ලෙසටයි සැලකෙන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 728කට හානි සිදුව තිබෙනවා.

පීඩාවට පත් පවුල් 199ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?