අහංගම හෝටලයක් තුළ වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

අහංගම, ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඊයේ (04) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙර පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි අයෙක් බවට තොරතුරු වාර්තා වනවා.

අදට වසරකට පමණ පෙර එනම් 2021 වසරේ අගෝස්තු මස 05 වන දින අහංගම ප්‍රදේශයේ අවන්හල තුළ පැවති මත්පැන්
සාදයකින් අනතුරුව පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහර දී මිදිගම ප්‍රදේශයේ 35 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබුණා.

එම අපරාධය සම්බන්ධයෙන් ඊයේ (04) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයා බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

එම ඝාතය සහ ඊයේ සිදුවූ ඝාතනය අතර යම් සම්බන්ධතාවක් පවතී ද යන්න පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 44 හැවිරිදි අදාල පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අයෙක් බරපතල තුවාල ලැබුවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා වැලිගම, දේනුවල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු වැලිගම ප්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙක් බවයි වාර්තා වුණේ.

මේ අතර 2021 වසරේ අගෝස්තු මස 05 වන දින ඝාතනයට ලක්වූ 35 හැවිරිදි තරුණයාගේ වර්ෂ පූර්ණ දානමය පිංකම අද දිනයේ දී පැවැත්වෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?