අහංගම හෝටලයක් තුළ වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

අහංගම, ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඊයේ (04) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙර පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි අයෙක් බවට තොරතුරු වාර්තා වනවා.

අදට වසරකට පමණ පෙර එනම් 2021 වසරේ අගෝස්තු මස 05 වන දින අහංගම ප්‍රදේශයේ අවන්හල තුළ පැවති මත්පැන්
සාදයකින් අනතුරුව පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහර දී මිදිගම ප්‍රදේශයේ 35 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබුණා.

එම අපරාධය සම්බන්ධයෙන් ඊයේ (04) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයා බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

එම ඝාතය සහ ඊයේ සිදුවූ ඝාතනය අතර යම් සම්බන්ධතාවක් පවතී ද යන්න පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 44 හැවිරිදි අදාල පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අයෙක් බරපතල තුවාල ලැබුවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා වැලිගම, දේනුවල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු වැලිගම ප්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙක් බවයි වාර්තා වුණේ.

මේ අතර 2021 වසරේ අගෝස්තු මස 05 වන දින ඝාතනයට ලක්වූ 35 හැවිරිදි තරුණයාගේ වර්ෂ පූර්ණ දානමය පිංකම අද දිනයේ දී පැවැත්වෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57