අහංගම පොලිස් වසමේ වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක ඝාතනයකර සිටි අඹුසැමි යුවලකගේ මළ සිරුරු දෙකක් අද (04) පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයකර ඇත්තේ 63 හැවිරිදි බිරිඳ සහ 67 හැවිරිදි සැමියෙකු බවයි පොලිසිය පවසන්නේ.
මොවුන් දෙදෙනාගේ ගෙල කපා හිසට පහරදී නිවසේ කාමරයක් තුළ මෙලෙස ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
ඝාතනය කර ඇති මෙම යුවලට දියණියක් සිටින බවත් ඇය ඊයේ (03) අවශ්‍යතාවයක් සඳහා කොළඹ ගොස් ඇති අතර පියාට දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී දුරකථනට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඒ බව ඥාතියෙකුට දැනුම් දී තිබෙනවා.
පසුව එම ඥාතියා නිවසට පැමිණ බලන විට නිවසේ ලේ පැල්ලම් තිබීම හේතුවෙන් ඒ බව පොලිසියට දැනුම් දි තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ වන විට අහංගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.