අසාදු ලේඛණගත කිරීම ගැන මහජන බැංකුවෙන් ප්‍රතිචාර

මතභේදයට ලක්ව ඇති පොහොර නෞකාවට අදාලව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ ඒකකය විසින් අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් ආදාල ගෙවීම් අත්හිටවූ බවයි මහජන බැංකුව පැවසුවේ.

අධිකරණයේ තීන්දු මත ඉදිරියේදී ගෙවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද මහජන බැංකුව ප්‍රකාශ කළා.

මේ වන විට මතභේදයකට ලක්වී ඇති චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කරනු ලැබුවේ මහජන බැංකුව විසින්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පැවසුවේ එහි අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බවටයි.

ඒ අනුව ආදාල පොහොර තොගය භාර නොගත යුතු බවට ඔවුන් බලධාරීන් වෙත දැනුම්දෙනු ලැබුවා.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?