spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

අසාද් සාලිගේ පෙත්සම කැඳවීමට දින දෙයි

2020 වසරේ තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දින නියම කළා.

මෙම තීන්දුව අද එස්. තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවට අදාළ ව තම සේවාදායකයාව කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයකින් අනතුරුව නිදොස් කොට නිදහස් කර තිබෙන බව සඳහන් කළා.

මේ තුළින් සිය සේවාදායකයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් මෙවැනි අකටයුතුකම් ඉදිරියේදී සිදුවීම වළක්වා ගැනීම සඳහා පෙත්සම විභාගයට ගැනීමට දින නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම ලබන සැප්තැම්බර් මස 02 වන දා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කළා.

2020 වසරේ මාර්තු මස 9 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අසාත් සාලි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?