අසාද් සාලිගේ පෙත්සම කැඳවීමට දින දෙයි

2020 වසරේ තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දින නියම කළා.

මෙම තීන්දුව අද එස්. තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවට අදාළ ව තම සේවාදායකයාව කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයකින් අනතුරුව නිදොස් කොට නිදහස් කර තිබෙන බව සඳහන් කළා.

මේ තුළින් සිය සේවාදායකයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් මෙවැනි අකටයුතුකම් ඉදිරියේදී සිදුවීම වළක්වා ගැනීම සඳහා පෙත්සම විභාගයට ගැනීමට දින නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම ලබන සැප්තැම්බර් මස 02 වන දා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කළා.

2020 වසරේ මාර්තු මස 9 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අසාත් සාලි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07