AFC Banner
AFC Banner
Empty Ad

අස්වැසුමේ අභියාචනා හා විරෝධතා සලකා බැලීම ඇරඹෙයි

“අස්වැසුම” සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමට තිබූ කාල සීමාව ඊයේ (10) අවසන් වුණා.

ඒ අනුව, මෙම දීමනා සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500ක් සලකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

මෙම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරනු ලබන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙම දීමනා අවශ්‍ය සියලුම පාර්ශ්වයන් හඳුනාගනිමින්, “අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු ද විනිවිදභාවයකින් යුතුව සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?