අසල්වැසි ගෙදරට ගිහින් මත්පැන් බී මැරුම් කාලා

හොරණ පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (06) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ , හොරණ, කැබැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 66ක අයෙක්.

මෙම පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම නිවසේ පදිංචි පුද්ගලයා විසින් මොට ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?