කෝපායි පොලිස් වසමේ අල්ලියාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (16) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 59ක කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා සහ අසල්වැසියන් කිහිපදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට සම්බන්ධ අවුරුදු 37 හා 63 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කෝපායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.



