බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඔහුගේ නම සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යයේ සංසරණයවන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් තමන් මෙම පැමිණිල්ල සිදුකළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.
“සුනිල් සෙනවි ඇමතිගේ ව්‍යාපාරික මිතුරා සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා” යනුවෙන් සමාජ මාධ්‍යයේ ඔස්සේ මෙම අසත්‍ය පුවත පැතිර යමින් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.
මෙම අසත්‍ය පුවතේ පළව ඇති ආකාරයට ව්‍යාපාරික මිතුරෙක් තමන්ට නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් සෙනෙවි අද (09) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ඊයේ (08) දිනයේ දී තමන් මෙම පැමිණිල්ල සිදුකළ බවයි.