අවුරුදු 81ක් වන කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේ දී ඊයේ (30) දින අළුයම කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නිවසක තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728 ක් සමඟ එම නිවසේ හිමිකාර කාන්තාව අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකාරිය අවුරුදු 81 ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකාරියගේ පුත්‍රයා නිවසේ සිට පලාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.