AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 80,000කින් ආයෙත් බලන්න ලැබෙන වල්ගා තරුවක් මේ දිනවල අහසේ

වල්ගා තරුවක් මේ දිනවල (30) අලුයම 5ට පමණ පසු නැගෙනහිර ගිනිකොණදිග අහසේ දර්ශනය වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

චීනයේ purple mountain observatory සහ NASA හි Asteroid Terrestrial – Impact Last Alert System (ATLAS) විසින් 2023 ජනවාරි 9 වන දින සොයා ගන්නා ලද C/2023 A3 වල්ගා තරුව මෙලෙස දර්ශනය වන බවයි වාර්තා වන්නේ.

මේ දිනවල අලුයම 5න් පමණ පසු නැගෙනහිර ගිනිකොණදිග අහසේ වල්ගා තරුව දර්ශනය වන බවත් ක්ෂිතිජයට ඉතාමත් සමීපයෙන් දර්ශනය වීම නිසා සහ පවතින ආලෝක දුෂණ තත්ත්ව නිසා එය නිරීක්ෂණය කිරීම තරමක් අපහසු වන බවත් ආතර් සී. ක්ලාස් මධ්‍යස්ථානය පවසනවා.

මෙම වල්ගාතරුව ඔක්තෝබර් 2 සහ 15 අතර දිනයන්හි දී උපරිම දීප්තියට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එම අවස්ථාවේ දී එහි දෘශ්‍ය, විශාලත්වය 46 ක් පමණ වනු ඇති.

ඔක්තෝබර් 12 වැනිදායින් පසු මෙම වල්ගාතරුව හිරු බැස යාමෙන් පසුව බටහිර අහසේ දර්ශනය වනු ඇතැයි ද, නැවත මෙම වල්ගාතරුව දර්ශනය වන්නේ අවුරුදු 80,000කට පසුව බව ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ ප්‍රියදාස මහතා අදහස් දක්වමින් කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?