අවුරුදු 80,000කින් ආයෙත් බලන්න ලැබෙන වල්ගා තරුවක් මේ දිනවල අහසේ

වල්ගා තරුවක් මේ දිනවල (30) අලුයම 5ට පමණ පසු නැගෙනහිර ගිනිකොණදිග අහසේ දර්ශනය වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

චීනයේ purple mountain observatory සහ NASA හි Asteroid Terrestrial – Impact Last Alert System (ATLAS) විසින් 2023 ජනවාරි 9 වන දින සොයා ගන්නා ලද C/2023 A3 වල්ගා තරුව මෙලෙස දර්ශනය වන බවයි වාර්තා වන්නේ.

මේ දිනවල අලුයම 5න් පමණ පසු නැගෙනහිර ගිනිකොණදිග අහසේ වල්ගා තරුව දර්ශනය වන බවත් ක්ෂිතිජයට ඉතාමත් සමීපයෙන් දර්ශනය වීම නිසා සහ පවතින ආලෝක දුෂණ තත්ත්ව නිසා එය නිරීක්ෂණය කිරීම තරමක් අපහසු වන බවත් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

මෙම වල්ගාතරුව ඔක්තෝබර් 2 සහ 15 අතර දිනයන්හි දී උපරිම දීප්තියට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එම අවස්ථාවේ දී එහි දෘශ්‍ය, විශාලත්වය 46 ක් පමණ වනු ඇති.

ඔක්තෝබර් 12 වැනිදායින් පසු මෙම වල්ගාතරුව හිරු බැස යාමෙන් පසුව බටහිර අහසේ දර්ශනය වනු ඇතැයි ද, නැවත මෙම වල්ගාතරුව දර්ශනය වන්නේ අවුරුදු 80,000කට පසුව බව ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ ප්‍රියදාස මහතා අදහස් දක්වමින් කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34