AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට මාර්තු 1 වන දා සිට කොරෝනා එන්නත

මාර්තු 1 වනදා සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ටත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා. මෙම එන්නත් මිලියන 9 ක් වහාම මිලදී ගැනීමට ද රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව Gossiplankanews.lk වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිණි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ කොවැක්ස් පහසුකම යටතේ තවත් එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත බවයි.

ඉන්දීය ප්‍රදානයක් ලෙස ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පසුගිය 29 වනදා සිට ප්‍රමුඛතාව මත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ලබාදීම ආරම්භ කෙරුණා.

ඒ අනුව දින පහක් තුළ ලක්ෂය ඉක්මවූ පිරිසක් සාර්ථකව එන්නත්කරණයට ලක් කිරීමට හැකිවී තිබෙනවා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මිලියන 9 ක් වහාම මිලදී ගැනීමට තීරණය කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ  සිල්වා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?