අවුරුදු 31කට පසු ඇවිත් පුතාට වෙඩි තියන්න තැත් කරලා – පියා අත්අඩංගුවට

තම පුතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව, අත්තංගනය ප්‍රදේශයේ දී අද (12) දහවල් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තොඩුවාව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙක්.

සැකකරු සතුව තිබී මෙරට නිපදවන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහබෝර 12 ජීව පතුරමක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු මීට වසර ගණනාවකට පෙර තම දරුවා සහ බිරිද අතහැර වෙනත් කාන්තාවක් සමඟ තොඩුවාව ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

පසුගිය දිනක නැවත ආරච්චිකට්ටුව – අත්තංගනය ප්‍රදේශයට පැමිණ ඇති සැකකරු පවසා ඇත්තේ තමන් නැවතත් බිරිද සහ දරුවා සමඟ ජීවත් වීමට කැමති බවයි.

වයස අවුරුදු 04 දී තමා සහ මව හැර ගිය පියා අවුරුදු 31 කට පසුව නැවත පැමිණීම සම්බන්ධයෙන් පුත්‍රයා විරුද්ධ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පුත්‍රයා විසින් එලෙස විරුද්ධවීම හේතුවන් සැකකාර පියා මෙලෙස වෙඩි තැබීමට තැත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40