තම පුතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආරච්චිකට්ටුව, අත්තංගනය ප්‍රදේශයේ දී අද (12) දහවල් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තොඩුවාව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙක්.
සැකකරු සතුව තිබී මෙරට නිපදවන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහබෝර 12 ජීව පතුරමක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු මීට වසර ගණනාවකට පෙර තම දරුවා සහ බිරිද අතහැර වෙනත් කාන්තාවක් සමඟ තොඩුවාව ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.
පසුගිය දිනක නැවත ආරච්චිකට්ටුව – අත්තංගනය ප්‍රදේශයට පැමිණ ඇති සැකකරු පවසා ඇත්තේ තමන් නැවතත් බිරිද සහ දරුවා සමඟ ජීවත් වීමට කැමති බවයි.
වයස අවුරුදු 04 දී තමා සහ මව හැර ගිය පියා අවුරුදු 31 කට පසුව නැවත පැමිණීම සම්බන්ධයෙන් පුත්‍රයා විරුද්ධ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පුත්‍රයා විසින් එලෙස විරුද්ධවීම හේතුවන් සැකකාර පියා මෙලෙස වෙඩි තැබීමට තැත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.





