අවුරුදු 16ක දැරියකට වෙඩි තැබූ කොහුවල වෙඩි තැබීමේ සිද්ධියට හතරක් අත්අඩංගුවට

කොහුවල පොලිස් වසමේ බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පසුගිය දෙසැම්බර් 30 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් අවුරුදු 16ක දැරියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයට අදාළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව යතුරුපැදියේ පැදිකරු, ගිනි අවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්‍රවාහනය කළ සැකකරු සහ අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දින දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ දී මොවුන්ව අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිපලයක් බවට පොලිසිය විසින් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 03ක්, 09 mm වර්ගයේ ජීව පතරොම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් හා අපරාධයට යොදාගත් යතුරුපැදි 02ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳව කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතමින් වෙඩික්කරුගේ රුව බව කියන ඡායාරුපයක් ද ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34