spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු සමයේ බීමත් රියදුරන් අල්ලන්න පරීක්ෂණ කට්ටල 170,000ක් පොලීසියට

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට රට පුරා පොලිස් ස්ථානවල මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භකර තිබෙනවා.

ඒ, අනුව බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් ස්ථාන වෙත බෙදාදීමට ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසනවා.

මේ වනවිටත් එම පරීක්ෂණ කට්ටල 70,000 කට අධික ප්‍රමාණයක් පොලිස් ස්ථානවලට ලැබී ඇති අතර, ඉතිරි ප්‍රමාණය ඉදිරි දින දෙකේදී පොලිස් ස්ථානවලට යොමු කරන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?