තම දියණියව වසර 02ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදුකළ බව කියන පියෙක් කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව – පම්පෙමඩුව 17වන පාබල හමුදා කදවුරේ යුද හමුදා කම්කරුවෙක් ලෙස සේවය කරන අයෙක්.
වයස අවුරුදු 46ක් වන මෙම සැකකරු වයස අවුරුදු 12ක තම දියණියටවසර 02ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදුකරන බවට ළමා ආරක්ෂණ අධිකාරියට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර පියා නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
15
+1
4
+1
2
+1
9
+1
4
+1
9