AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමරිය සඳහා සිංගප්පූරුවට ගුවන් ටිකට්පත්

විදේශීය සංචාරකයින්ට ජාතික අලුත් අවුරුදු සම්ප්‍රදායන් පිළිබඳ අත්දැකීමක් ලබාදීම සඳහා සංවිධානය කරන ලද “2023 පාරාදීසයේ අලුත් අවුරුද්ද” අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමරිය තරඟාවලියේ ජයග්‍රාහකයින්ට සිංගප්පූරුව වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කරන ලදී.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ජාතික අලුත් අවුරුද්දට අදාළ දේශීය සංස්‌කෘතික සම්ප්‍රදායන් පිළිබඳ අත්දැකීම් ලබාදුන් “2023 පාරාදීසයේ අලුත් අවුරුදු උත්සවය” කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ මඟපෙන්වීම යටතේ උණවටුන වෙරළ තීරයේ දී සෙනසුරාදා (15) පැවැත්විණි.

අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමරිය තරඟයේ ජයග්‍රාහකයන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනුග්‍රහයෙන් සිංගප්පූරුව වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරිණි.

අලුත් අවුරුදු උත්සවය සංස්කෘතික අංග රැසකින් සහ අලුත් අවුරුද්දට අදාළ ක්‍රීඩා රැසකින් විචිත්‍රවත් වූ අතර සංචාරකයින් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් එම උත්සව සඳහා සහභාගි වූහ.

විදේශිකයන් වෙනුවෙන් දෑස් බැඳ එල්ලෙන මුට්ටියකට පහර දීම, අලියාට ඇස තැබීම, තෙල් කණුව නැඟීම, සංස්කෘතික සංදර්ශන ආදී සම්ප්‍රදායික අවුරුදු තරඟ රැසක් සංවිධානය කර තිබුණි.

අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟයට විදේශීය සංචාරකයන් ඉතා උනන්දුවෙන් සහභාගි වූ අතර අවුරුදු කුමරාට සහ කුමරියට කොළඹ සිට සිංගප්පූරුවට සහ ආපසු යන දෙපස ගුවන් ටිකට්පත් පිරිනැමිණි.

මීට අමතරව දේශීය ඇඳුමින් සැරසී තරගයට ඉදිරිපත් වූ තරඟකරුවන්ට ද විශේෂ සම්මාන පිරිනැමුණු අතර අවුරුදු උත්සවය අවසානයේ විදේශීය සංචාරකයින් වෙනුවෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් ද සංවිධානය කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?