අවුරුද්ද සමරන්න වෙරළට පැමිණි පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේදී මියයයි

අළුත් අවුරුද්ද වෙනුවෙන් පානදුර වෙරලට පැමිණ රළ පහරට හසුව ගසාගෙන යමින් සිටීයදී පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් බේරාගත් පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (14) රාත්‍රි මියගොස් ඇතැයි පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

මෙසේ මියගොස් ඇත්තේ පානදුර වලාන ප්‍රදේශයේ පදිංචි ආනන්ද ප්‍රනාන්දු නමැති පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් බව පොලිසිය පවසයි.

පානදුර සංචාරක හෝටලයක් ඉදිරිපිටදී 13 දා පුද්ගලයකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටින බවට ලද තොරතුරක් මත ජීවිත ආරක්ෂක ඒකකය භාර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාගේ ක්ෂණික උපදෙස් මත උප පොලිස් පරීක්ෂක එම් නිමල්සිරි ඇතුළු නිළධාරීන් විසින් බේරාගෙන දැඩි ලෙස වතුර පෙවී සිටී බැවින් මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට යොමුකර තිබේ.

ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් දැඩි සත්කාර ඒකකයට යොමුකර සිටී බවත් අසාධ්‍ය තත්වයේ පසුවූ ඔහු ඊයේ රාත්‍රි මියගිය බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රීලනිපයේ ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන නාඩගමක් නටනවා
05:36
Video thumbnail
වැල්ලවත්තේ කිමිදුණු ධීවරයෙක් ගලක සි#වීමෙන් දිවි අහිමි වෙයි..නිසල සිරුර දැක මිනිස්සු හඬා වැටෙයි
02:33
Video thumbnail
ආණ්ඩුවෙන් දෙනවා කිව්ව දේවල් නොදෙන එක තමයි ප්‍රශ්නේ
00:55
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර්වෙයි
00:52
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04
Video thumbnail
ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න
05:08


?