අවුරුද්දට සල්ලි හොයන්න පුවක් ගහට නැගී සිව්දරු පියාට අත්වූ ඉරණම

අවුරුද්දට මුදල් සෙවීම සඳහා පුවක් කැඩීමට ගිය පුද්ගලයෙකු ගස කඩාවැටීමෙන් ජීවිතක‍ෂයට පත්ව තිබෙනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත්තේ ගම්පොළ ඉඟරුවත්ත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.

ගම්පොළ අන්ගම්මන ප්‍රදේශයේ පිහිටි මෙම වත්තෙහි කඩා වැටුණු පුවක් ගසක කොටසක් මුලින්ම දැක ඇත්තේ එම ප්‍රදේශයට හරක් බැලීමට ගිය පුද්ගලයෙක්.

වඩාත් විමසිලිමත් වද්දී ඔහු දැක ඇත්තේ කඩා වැටණු පුවක් ගසේ කොටසකට යටවී පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බවයි. මෙලෙස මරණයට පත්වුණේ 55 හැවිරිදි සිව්දරු පියෙකු වූ ගම්පොළ. ඉඟරුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අඩි 60ක් පමණ උස පුවක් ගසකට නැගි ඔහු ගස මුදුනෙහි අඩි 15ක පමණ කොටසක් සමඟ මෙසේ වැටී තිබුණා. අසල්වාසින් සඳහන් කළේ අලූත් අවුරුද්ද වෙනුවෙන් දරුවන්ට මුදල් ලබාදී ඇති මොහු තවත් මුදලක් සොයා ගැනීමට පුවක් කැඩීම සඳහා ගසට නැග ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?