AFC Banner
Empty Ad
Empty Ad

අවුරුද්දක දරුවා අතේ ඉදිද්දී සැමියා බිරියගේ ඔලුවටම තියලා

ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය නවනගරයේ මහ රෝහල ආසන්නයේදී මල් ශාලාවක හිමිකරුවෙක් තම බිරිඳගේ හිසට වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ අබේසිංහ කංකානම්ගේ ඉන්ද්‍රා මල්කාන්ති නමැති (35) හැවිරිදි දෙදරු මවකි.

26 වැනිදා රාත්‍රි මෙම ඝාතනය සිදුව ඇත.

බිරිඳ පවුලේ ඇතිවූ ආරවුල් මත වෙනම සිට ඇති අතර මෙම දෙපිරිස එක්කිරීම සහ සාමදාන කිරීම සඳහා නෑදෑයන්ද සමග සැකකරු හා බිරිඳ පදිංචිව සිටි ඇඹිලිපිටිය රෝහල ආසන්නයේ නිවසට පැමිණ ඇත. එහෙත් එය සාර්ථක වී නැත. පසුව බිරිඳ වයස අවුරුද්දක් වූ දරුවා සමග නැවත යමින් සිටින අතර තුර ඇඹිලිපිටිය මහ රෝහල ආසන්නයේ සැකකරුගේ නිවස ඉදිරිපිටදී හිසට වෙඩිතබා ඇය ඝාතනය කර ඇත.

වෙඩිවැදුණු කාන්තාව ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.වෙඩි තැබූවේයයි සැකපිට ඇඹිලිපිටිය 97 ප්‍රදේශයේ ප්‍රසිද්ධ මල්ශාලා හිමිකරුවෙක් ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෙඩිතැබීම සඳහා බෝර 12 ගල් කටස් වර්ගයේ තුවක්කුවක් භාවිත කර ඇති බව පොලීසිය පවසයි.

em 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?