අවුරුද්දක දරුවා අතේ ඉදිද්දී සැමියා බිරියගේ ඔලුවටම තියලා

ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය නවනගරයේ මහ රෝහල ආසන්නයේදී මල් ශාලාවක හිමිකරුවෙක් තම බිරිඳගේ හිසට වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ අබේසිංහ කංකානම්ගේ ඉන්ද්‍රා මල්කාන්ති නමැති (35) හැවිරිදි දෙදරු මවකි.

26 වැනිදා රාත්‍රි මෙම ඝාතනය සිදුව ඇත.

බිරිඳ පවුලේ ඇතිවූ ආරවුල් මත වෙනම සිට ඇති අතර මෙම දෙපිරිස එක්කිරීම සහ සාමදාන කිරීම සඳහා නෑදෑයන්ද සමග සැකකරු හා බිරිඳ පදිංචිව සිටි ඇඹිලිපිටිය රෝහල ආසන්නයේ නිවසට පැමිණ ඇත. එහෙත් එය සාර්ථක වී නැත. පසුව බිරිඳ වයස අවුරුද්දක් වූ දරුවා සමග නැවත යමින් සිටින අතර තුර ඇඹිලිපිටිය මහ රෝහල ආසන්නයේ සැකකරුගේ නිවස ඉදිරිපිටදී හිසට වෙඩිතබා ඇය ඝාතනය කර ඇත.

වෙඩිවැදුණු කාන්තාව ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.වෙඩි තැබූවේයයි සැකපිට ඇඹිලිපිටිය 97 ප්‍රදේශයේ ප්‍රසිද්ධ මල්ශාලා හිමිකරුවෙක් ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෙඩිතැබීම සඳහා බෝර 12 ගල් කටස් වර්ගයේ තුවක්කුවක් භාවිත කර ඇති බව පොලීසිය පවසයි.

em 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38