අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 13ක් අත්අඩංගුවට

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසක අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවි ආයුධ ළඟ තබාගෙන සිටින කණ්ඩායමක් උපන්දින සාදයක් පවත්වන බවට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදීයි ඊයේ පස්වරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

ඔවුන් සතුව තිබී කඩු හතරක්, යතුරුපැදි දෙකක්, යතුරුපැදි සහ පාපැදි චේන්  යොදා ගනිමින් පහරදීමට සකස් කළ ආයුධ දෙකක් අයිස් සහ ගංජා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයන් අවුරුදු 20ත් 40ත් අතර වයස්වල පසුවනවා.

සැකකරුවන් පසුගිය දිනවල යාපනයේ ක්‍රියාත්මක වූ සන්නද්ධ කල්ලියක සාමාජිකයන් ද නැතහොත් වෙනත් කණ්ඩායමක් ද යන්න සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැකකරුවන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්වැටිතුරෙයි පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57