අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 13ක් අත්අඩංගුවට

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසක අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවි ආයුධ ළඟ තබාගෙන සිටින කණ්ඩායමක් උපන්දින සාදයක් පවත්වන බවට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදීයි ඊයේ පස්වරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

ඔවුන් සතුව තිබී කඩු හතරක්, යතුරුපැදි දෙකක්, යතුරුපැදි සහ පාපැදි චේන්  යොදා ගනිමින් පහරදීමට සකස් කළ ආයුධ දෙකක් අයිස් සහ ගංජා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයන් අවුරුදු 20ත් 40ත් අතර වයස්වල පසුවනවා.

සැකකරුවන් පසුගිය දිනවල යාපනයේ ක්‍රියාත්මක වූ සන්නද්ධ කල්ලියක සාමාජිකයන් ද නැතහොත් වෙනත් කණ්ඩායමක් ද යන්න සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැකකරුවන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්වැටිතුරෙයි පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?