Empty Ad
AFC Banner
Empty Ad

අවිවාහක කාන්තාවන්ගේ ඇඳන් යටින් මතු වන ග්‍රීස් යකා

අවිවාහක කාන්තාවන් සිටින නිවෙස්වලට ගොස් ඇඳ යට සැඟවී එම කාන්තාවන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, දෙවට සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට ගොස් ඇඳ යට සැඟව සිට ඇයට ලිංගික අතවර කිරිමට සූදානම් වූ අවස්ථාවේ ඇය කෑගසා නිවසින් පිටතට පැමිණි විට සැකකරු පලාගොස් තිබේ.

පසුව එම කාන්තාව පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු මීට පෙර ද මෙවැනි සිදුවීම්වලට අධිකරණයෙන් දඩුවම් ලබා සිටි අයෙකු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ගාල්ල වරාය පොලිසිය සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?