අවසන් සටන ජයගන්න කැන්ගරුවන්ට ලකුණු 241ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලාන තරගයේ අවසන් මහා තරගය මේ වන විට අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුව ලකුණු රැස් කිරීම ආරම්භ කළා.

ඒ, අනුව ප්‍රබල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 240 කට සීමා කරන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ලෝකේශ් රාහුල් පන්දු 107ක් තුළ ලකුණු 66ක් රැස්කළ අතර, ඔහුගේ මෙම ඉනිමට ඇතුළත් වූයේ එක් හතරේ පහරක් පමණයි.

මීට අමතරව ඉන්දීය ඉනිම වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 54ක් රැස්කළ අතර, නායක රෝහිත් ශර්මා රැස්කළ ලකුණු සංඛ්‍යාව 47ක්.

මේ අතර වෙනදා මෙන් ඉන්දීය ඉනිම හයේ සහ හතරේ පහරවල් වලින් වර්ණවත් වන ආකාරය අද දිනයේ දැකගැනීමට හැකි වූයේ නැහැ.

මේ හේතුවෙන් අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයට රැස්ව සිටි එක්ලක්ෂ තිස්දහසකට අධික ප්‍රේක්ෂකයින් වැඩි කාලයක් නිහඬවම ඉන්දීය ඉනිම නරඹන්න ආකාරය දැකගත හැකි වුණා.

ඉන්දීය ඉනිමේ දී අද දිනයේ වාර්තා වූයේ හතරේ පහර 13ක් සහ හයේ පහර 03ක් පමණයි.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාක් කඩුලු 03ක් දවාගැනීමට සමත් වූ අතර, නායක පැට් කමින්ස් ද ඉන්දීය ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව 2023 එක්දින ලෝක කුසලානයේ ජයගැනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු 300ක් තුළ ලකුණු 241ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
12
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53