අවසන් මහා තරගයේ SKY රැකගත් තීරණාත්මක උඩ පන්දුව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව තියුණු අවසන් මහා තරගයකින් පසු දිනාගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගයේ අවසන් පන්දුවාරය තෙක් වැඩි වාසි දකුණු අප්‍රිකාව දෙසට දෝලනය වූ අතර, අවසන් පන්දුවාරයේ දී සූර්යකුමාර් යාදෙව් විසින් විශිෂ්ට ලෙස රැකගත් ඩේවිඩ් මිලර්ගේ උඩ පන්දුව ඉන්දීය ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වුණා.

හතරේ සීමාව ආසන්නයේ සිට රක ගන්නා උඩ පන්දුව සම්බන්යෙධන් මේ වන විට යම් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වීඩියෝවක් හේතුවෙන්.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ සූර්යකුමාර් විසින් එම උඩ පන්දුව රැකගෙන පන්දුව අතේ රැඳී තිබෙන අවස්ථාවේ දී ඔහුගේ එක් පාදයක් හතරේ සීමාවේ ස්පර්ශවන ආකාරයයි.

කෙසේ වෙතත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකේම ප්‍රේක්ෂකයින් තම කණ්ඩායම්වලට පක්ෂග්‍රාහී ලෙස අදහස් දක්වා ඇති ආකාරය දැකගත හැකි වුණා.

මේ අතර සූර්යකුමාර් විසින් රැකගත් මෙම උඩ පන්දුව සිවසේ උඩ පන්දුවක් ලෙස හැඳින්විය හැකි බවයි විස්තර විචාරකයින් සඳහන් කළේ.

එම උඩ පන්දුවේ වීඩියෝව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
61
+1
43
+1
13
+1
19
+1
9
+1
20
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?