අවසන් ගමන් ගිය ශීබාට විහාරස්ථානයෙන් ගරු බුහුමන් (වීඩියෝ)

වැලිගම, කප්පරතොට සිරි කෙත්ථාරාම පුරාණ විහාරස්ථානයේ හැදුණු වැඩුණු ශීබා නම් සුරතලාගේ අවසන් කටයුතු ගරු බුහුමන් දක්වමින් ආගමානුකූලව සිදුකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම විහාරස්ථානයේ විටෙක සුරතලෙකු ලෙසත් තවත් විටෙක විහාරස්ථානයේ ආරක්ෂකයා ලෙසත් හදාවඩාගත් ශීබා කොළඹ ප්‍රදේශයේ පදිංචි හිතවතෙකු විසින් විහාරස්ථානයට ලබා දී තිබුණා.

ශීබා වසර 14කට වැඩි කාලයක් විහාරස්ථානයේ හැදුණු වැඩුණු අතර හිටි හැටියේ රෝගාතුර වී ඊයේ (28 ) දින මියගොස් තිබෙනවා.

එම සුනඛයාගෙන් විහාරස්ථානයට සිදු වූ සේවාව අගයනුවස් අවසන් කටයුතු ගෞර්වාන්විතව ආගමානුකූලව සිදු කිරීමට විහාරාධිපති ශාස්ත්‍රපති කොටපොල සුනීත හිමියන් හිමියන් ඇතුළු විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලා කටයුතු කර තිබුණා.

ඒ සඳහා පළමුව ලෑලි යොදා ගනිමින් අලංකාරවත් පෙට්ටියක් විහාරස්ථානයේදීම සාදා අනතුරුව එහි ශීබා සුනඛයා තැන්පත් කොට එම සත්ත්වයාට ගරු බුහුමන් දැක්වීමට ද කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?