spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවශ්‍යම මොහොතේ පැතුම්ගෙන් අති විශිෂ්ඨ අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය 06 වන එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට අද (31) සමත් වුණා.

නවසීලන්තය සමඟ හැමිල්ටන් හිදී මේ වනවිට පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ දී පැතුම් මෙම අර්ධ ශතකය රැස් කළා.

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා අනෙකුත් මුල්පෙළ පිතිකරුවන් සියල්ලන්ම අන්ත අසරණ වෙද්දී පන්දු 58ක් තුළ පැතුම් රැස්කළ මෙම අඟනා අර්ධ ශතකයට හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිළ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, මේ වනවිට කඩුලු 05ක් දැවී ලකුණු 90ක් රැස්කරගෙන ඉතා අසීරු අඩියක පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?