AFC Banner
AFC Banner
Empty Ad

අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ලෙසින් පෙනී සිටි තැනැත්තාව නිදහස් කරනවා ද නැද්ද යන තීරණය ලබන 20 වැනිදා

අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාට එරෙහිව පවත්නා නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය සහ නීතිපතිවරයාගේ උපදෙස් සඳහා නඩුව ලබන නොවැම්බර් 20 වැනිදා නැවත කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (24) නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලිකව නීතිපතිවරයා හමුවන ලෙස ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔහු මානසික ප්‍රතිකාර සඳහා ‍යොමු කෙරුණා.

අවලෝකිතෙශ්වර වශයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ ඔහුව නඩුවෙන් මුදා හරින ලෙසයි.

ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ තීරණය දැනුම්දීම සඳහා නඩුව නැවත නොවැම්බර් 20 වැනිදා කැදවීමට බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?