අවමඟුලට ගිය 48කට කොරෝනා

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වූ 48දෙනකුට කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

හෙරගස්කැලේ, මැන්ඩෝරාවත්ත, එරියකන්ද යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් වාර්තා වු බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

අවමංගල්‍ය කටයුතු සිදුවු නිවසේ කාන්තාවකට අවසන් කටයුතු සිදුකළ දිනට පසුදින එනම් ජූලි 11 වන ඉරිදා දින කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව අවමඟුල සඳහා සහභාගී වු පිරිස සොයා ජූලි 18 වන දින සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 140කින් මෙම පිරිස ආසාදිත බවට හඳුනාගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ වන විට නිවාස 28ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති අතර, අවමඟුලට මෙම ගම්මානයට පිටතින් පැමිණි පුද්ගලයින් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?